යම් පුද්ගලයෙක් යතුරුපැදියක ගමන් නොකරන විට ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බවට නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා හා ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂෂ්ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණ්ය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ කරන බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුවේ යතුරු පැදියක කමන් කරන අවස්ථාවන්වලදී පැදිකරුගේ හා පසු පැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් බවද පොලිස් මූලස්ථානය දන්වා සිටියි.