සේවක අර්ථ සාධක අරමුදල විසින් එම අරමුදලට රුපියල් මිලියන 12,755.09 ක මුදලක් අය කර ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා වර්ෂයක කාල සීමාව තුල බාහිර පෞද්ගලික ආයතනවලට එරෙහිව නඩු 14,096 ක් පවරා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 11-22 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මින් රුපියල් මිලියන 2,420 ක් අය කර ගැනීම සඳහා පවරනු ලැබූ නඩු 4,381 ක් අක්‍රිය තත්වයේ පවතින බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ. එමෙන් ම රුපියල් මිලියන 1,232 ක් අය කර ගැනීම සඳහා පවරනු ලැබූ නඩු 2138 ක් විවෘත වරෙන්තු තත්වයෙන් පැවතුණි.
බාහිර පෞද්ගලික ආයතන විසින් ද සේවක අර්ථ සාධක අරමුදලට එරෙහිව රුපියල් මිලියන 201,3 ක් ඉල්ලුම් කර තිබූ නඩු 62 ක් 2023 දෙසැම්බර් මස 15 වනදා වන විට කම්කරු දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේ පවරා තිබුණි. අවශ්‍ය කටයුතු හිඟ මුදල ඊපීඑෆ් අය කර ගැනීමට මෙම වසර අවසන් වීමට පෙර කටයුතු කල බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.
චන්දන සමරවික්‍රම