පෙබරවාරි මාසයේදී වාහන ආනයනය කිරිමේදී අනිවාර්ය යෙන්ම වාහන මිල ඉහළ යන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. සිරස රූපවාහිනී නාළිකාවේ සටන වැඩසටහනේදී ඔහු මේ බව පැවැසීය. වාහන සම්බන්ධයෙන් වන දෙවැනි වෙළඳපොළට ගැටලුවක් ඇති නොවන පරිදි එම මිල ගණන්වලට වඩා ඉහළින් ආනයනය කරන වාහන තබා ගැනීමට සිදුවන බව ජනපතිවරයා සඳහන් කළේය.
"වාහන ආයනය කරන්නේ අවුරුදු 5ට පසුවයි. ශක්තිමත් ඩොලර් සංචිතයක් තියෙන නිසා නොවෙයි ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතු නිසයි අපි වාහන ආනයට ඉඩ දෙන්නේ.
වාහන විසින් සියල්ල කඩා වැටෙන තැනට යන්න බෑ. අපි ඉතා ප්ර වේශමෙන් මෙය කළ යුතුයි. මිල ගණන් ගත්තොත් දැනට තියෙන්නේ ඩොලරය 190 වගේ තියෙන කොට ගෙනාව ඒවා. දැන් ඩොලරය 300ට ආසන්න වෙලා තියෙනවා.
එතකොටම වාහනයක මිල ඩොලරය වැඩි වෙලා තියෙනවා සියයට 40කින් විතරම එතනම මිල වැඩිවෙනවා. අපේ වැට් බද්දත් සියයට 18 ට වැඩි වෙලා තියෙන නිසා තවත් මිල වැඩිවෙනවා.
අපේ වාහන වෙළදපොලේ දෙවැනි වෙළඳපොලක් තියෙනවා. බොහෝ අය ලීසින් කරලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් හැදිලා තියෙනවා. ඒ මාකට් එකයි මේ මිලයි සමාන වුණොත් එතනත් අර්බුදයක් හැදෙනවා.
සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් එක්ක මේ අලුත් වාහන ගලපන්න ඕනත ඒ මාකට් එකට වඩා ඉහළින් ගෙන්වන වාහන මිල තියන්න ඕන. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කඩා වැටුණොත් බැංකු ලීසින් ආයතන කඩා වැටෙන්න පුළුවන්.
අපි මහ බැංකුව සමග සාකච්ඡා කළා මේ වසරේදී ඩොලර් කොපමණ වෙන් කළ හැකිද කියලා. වාහන ආනයනය කරද්දී පෙබරවාරි මාසයේ ඔක්කොම ගෙනාවොත් ඩොලරයට ඇතිවන තෙරපුම විශාලයි. පර්මිට් වලට අවස්ථාව ලැබෙන්නේ නෑ. බිලියන 1.2ක වගේ ඩොලර් ප්රමාණයක් තමයි වෙන් කරන්නේ. ආරම්භයේදී මිල ඉහළ යාවි. ඊට පස්සේ ක්රමිකව මේක ස්ථාවර වේවි. ඇත්ත මිල යම් ප්රමාණයකට ඉහළ යාවි"