ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද(21දා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කරන බව පැවසීය.
අනතුරුව ආණ්ඩු පක්ෂයේ සිට සභා ගර්භය මැදින් විපක්ෂයට පැමිණ ඒ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ආචාර කරමින් විපක්ෂයට එක් විය.