ජනතාව පිළිබඳව සිතා එක්ව වැඩ කිරීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජන බලවේගයට හා සමගි ජන බලවේගයට ආරාධනා කළේය.
තරුණ තරුණියන්ට අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගයද ආණ්ඩුව සමඟ එකතු විය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය අමතමිනි. එම පක්ෂයේ මැයි රැළිය මාලිගාකන්ද ප්‍රදේශයේදී පැවැත්විය පැවැත්විය.
මැයි රැළිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"එක්සත් ජාතික පක්ෂය ඉවරයි කියා සමහරු හිතුවා.අපට සිදු වුණේ වළලන්න ගිය ආර්ථිකයට නව පනක් ලබාදීමයි.පනස් අටේ ආසන අටකට බැස්ස විට යූඑන්පී මිනී පෙට්ටියේ අන්තිම ඇනය ගැසූ බව පැවසුවා.නමුත් ඉන් පසුව අවුරුදු දාහතක් අප ආණ්ඩු ගෙනිච්චා. මම එක රහසක් කියන්නම්.
ඩී.එස්.සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය හදන්න හොඳම නැකත හෙව්වා. ලංකාවට නිදහස ලබා දෙන්න හොඳ නැකතක් ලබාදුන්නා. ලංකාවේ හොඳම නැකැත් තිබෙන්නේ රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට බව මතක තබාගන්න .වැටුණු රට ඔසවන්න හැකි වුණේ ඒකයි.
මා එන විට හැම පක්ෂයක්ම මරදානේ විවිධ කටවුට් දමා ඇති බව මා දුටුවා. අද කොළඹ වටේම පෙළපාලි යනවා.මේ තිබෙන්නේ ප්රජාතන්ත්රවාදයයි.
සමහරු මම ඒකාධිපතියෙක් බව කියනවා.ඔක්කොටම රැස්වීම් තියන්න පුළුවන්. පාරේ යන්න පුළුවන්. ඒක ඒකාධිපතිකමක්ද?එදා විපක්ෂනායකට ගහලා ගෝල්පේස් පිටියෙන් පැන්නුවා. අද ඔහුට චැතම් වීදියේ රැස්වීම් තියන්න පුළුවන්.
මම අගමැති වුනේ ,ජනාධිපති වුනේ මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටුණු නිසයි.හැම රටේම අගමැති ධුරය හිස් වූ විට විපක්ෂ නායක බලය ගන්නවා.නමුත් ලංකාව ගිනස් වාර්තාවක් තැබුවා.විපක්ෂ නායක පමණක් නොව අනෙක් හැම පක්ෂයක්ම දිව්වා. ගෝඨාභය පත් කරන ඕන කෙනෙක්ට සහය දෙන බව පොහොට්ටුව එදා කිව්වා.නමුත් අභියෝග වලට බයේ මෙහෙම දුවන අය ඔලිම්පික් යවන්න වටිනවා.
තනි මන්ත්‍රීවරයෙක් වෙච්ච මට අන්තිමට රට බාරගන්න සිදුවුණා.අනිත් ඔක්කොම දිව්වාට පසු මට බාර දුන්නා .ඉතින් මම බාරගත්තා.
ජනාධිපති රටින් ගිය විට පාර්ලිමේන්තුවට සෙනඟ එන විට ඔක්කොම පැනලා ගියා. හමුදාපති මොකක්ද කරන්නේ කියලා මගෙන් ඇහුවා. ඒ අනුව මම ඒකට ඉදිරිපත් වුණා.
අභියෝග බාරගන්න බැරුව දුවනවා නම් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්නේ කුමක්ද?
මේ හැම තැනම මැයි රැළි තිබෙනවා. අවුරුදු දෙකකට පෙර බස් එන්න ඉන්ධන තිබුණාද?දැන් බස් අරගෙන ඕන තැනකට යන්න පුළුවන්.
සුමාන දෙකකට පෙර සාර්ථක ලෙස සිංහල අවුරුදු උත්සව පැවැත්වූවා. තව සුමාන තුනකින් ආපහු වෙසක් කූඩු හදන්න පුළුවන්. අප නිර්භීතව මේ ආණ්ඩුව ගෙනිච්ච නිසා මේ තත්ත්වය ඇතිවුණා.
අපට උදව් කළ හැම පක්ෂයකටම ස්තුති කළ යුතුයි. සෑම පක්ෂ වලින්ම කොටස් අපට උදව් කළා. මේ තීරණ ගන්න පුළුවන් වෙියැයි අප කිසිවෙකු එදා හිතුවේ නැහැ. අප ඒ ස්ථාවර බව ඇති ඇති කළා.
මුදල් අච්චු ගහන්න එපා යැයි අයිඑම්එෆ් කිව්වා.කරන්න තිබුණේ වැට් බදු වැඩි කිරීම පමණයි. එවිට රුපියල ශක්තිමත් වන බව මා දැන සිටියා. නමුත් මා වැට් බදු වැඩි කිරීමේ තීරණය ගත්තේ අසීරුවෙන්.
අද රුපියල ශක්තිමත් වී තිබේද නැද්ද? දැන් සංචාරකයන් පැමිණෙන්නට පටන්ගෙන තිබෙනවා.ගුවන් යානා පිරී තිබෙනවා.නැවත කර්මාන්ත ශාලා ආරම්භ කර තිබෙනවා.සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ආරක්ෂා කිරීම සඳහා පරාටේ නීතිය වසරකට නතර කර තිබෙනවා.
මූල්‍ය අරමුදලේ කොන්දේසි සමග අප අසීරුවෙන් මේ තැනට පැමිණ තිබෙනවා. මේ තත්ත්වය ආරක්ෂා කරනවාද? නැතිනම් රට 2022 යුගයට ගෙන යනවාද?මේ ක්‍රමයට විරුද්ධව යන්න එපා යැයි
සජබට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට මා කියනවා.ජනතාව ගැන සිතා මේ තත්ත්වය ආරක්ෂා කරන්න ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි මා කියනවා.
2003 දී මා ටෝකියෝ සමුළුවට ගිහින් රටට බිලියන තුනක් ගෙනාවා. නමුත් 2004 දී මේ ඔක්කොම වෙනස් කළා.
අද ඒ මුදල තිබුණා නම් බිලියන දහයක් තරම් වටිනවා.
මේ තත්ත්වය වෙනස් කළොත් වෙන්නේ කුමක්ද? රටේ සංවර්ධනයට අවශ්‍ය කොන්දේසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සියලු දෙනාටම ඊට සහය දෙන්නැයි ඉල්ලනවා .
අප අපනයන පදනම් කරගත් ආර්ථිකයක් බවට පත්විය යුතුයි.සියයට 25ක් පමණ ජීවත් වන්නේ අසීරුවෙන්.
අප තරුණයන්ට රැකියා හොයා දෙන්නේ කෙසේද? ඔවුන්ට අනාගතයක් ලබාදිය යුතුයි.ඒ පරණ ආර්ථිකයෙන් එය කළ හැකිද? ඒ සඳහා ආර්ථිකය විවෘත කර ආයෝජන ගෙන ආ යුතුයි.
මේ රටේ තරුණයන්ට රැකියා ලබාදීමට නම් තවත් බිලියන පහක් හයක් ලබාගත ගත යුතුයි.
දුප්පත්කම නැති කරන්න නම් ගමේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.
අස්වැසුම අප තුන් ගුණයකින් වැඩි කළා.අස්වැසුම ලබන ප්‍රමාණය ලක්ෂ විසිහතරක් බවට පත්කර තිබෙනවා. මීට වඩා ශක්තිමත් අපනයන ආර්ථිකයක් ඇති කර තරුණ තරුණියන්ට හොඳ ආර්ථිකයක් ඇති කරන සැලැස්මක් අප ඉදිරිපත් කරනවා.
සම්ප්‍රදායික දේශපාලනයේ ඉන්න එපා යැයි ජවිපෙට සහ සජබට මම කියනවා. තරුණයන්ට අනාගතයක් දෙන්න ආර්ථිකයට නව පනක් දෙන්න එකතු වන්න.
මේ වසර දෙකේ කළ වැඩසටහනට වඩා විශාල වැඩපිළිවෙලක් ගෙනයාම සඳහා සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා." පැවසීය.