නව ආණ්ඩුව ආරම්භ කොට දින හතළිස් පහක් ගතවෙද්දී රුපියල් බිලියන 660 රුපියල් බිලියන 680 වත් අතර ප්‍රමාණයක ණයක් ලබාගෙන මේ රටට සිද්ධ කළ දේ වහාම රජය ජනතාවට හෙළි කළ යුතු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 05 දින පැවසීය.
ආණ්ඩුවට දින හතළිස් පහක් ගතවෙද්දී රටේ මිනිසුන්ගේ ඔලු වලට බොරු ප්‍රකාශ කරමින් සිදුකළ ක්‍රියාවලිය පිළිබඳව හෙළිදරව් කිරීමට දඹුල්ල යාපාගම ප්‍රදේශයේ ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට සරල ජනාධිපතිවරයෙකු සරල අගමැතිවරයෙකු සරල ඇමතිවරයෙකු සිටින බවය.
කෙසේ වෙතත් කිසිදු වියදමක් නොකොට පාර්ලිමේන්තුවේ වියදම් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී ආරක්ෂක වියදම් ඉතිරිව තිබියදී එම මුදල් යොදවීමකින් තොරව ණය ලබා ගැනීම පමණක් සිදුකර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
දිනකට රුපියල් බිලියන එකට අධික ප්‍රමාණයක් මේ රටේ ජනතාව ණය කර තිබෙන බවද පැවසු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ වහාම රජය ලබාගත් ණය පිළිබඳව සහ එම මුදල්වලට සිදු කළේ කුමක්ද යන්න හෙළිදරව් කිරීම සිදුකළ යුතු බවය.
" අනුර කුමාර දිසානායක මහත්තයා මේ රටේ ජනාධිපති වෙන්නේ ජනතාවට විශාල බොරු කියල හෙට දවසේ නැවත භාණ්ඩාගාර බිල් නිකුතුවක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මේ ආකාරයේ ණය අරගෙන පාලමක් බෝක්කුවක් වැවක් හැදුවා නම් කොහෙද හැදුවේ කියලා කියන්න ඕනේ, පසුගිය කාලයේ මේ විදිහට ණය ගත්තහම කිව්වේ ඇමතිවරුන්ට හොරා කන්න සැප ගන්න ණය ගන්නවා කියලා බොරු කිව්වා විපක්ෂයේ ඉඳලා ආණ්ඩුව විවේචනය කරන්න ලේසියි.
හැබැයි ආණ්ඩුවක් ගත්තහම යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාා ඔබලා රටේ ජනයාගේ ඔලු ගෙඩි වලට දැම්මා කුණු ගොඩක් ඒ වගේම බොරු කන්දරාවක් ඇතුළත් කලා.ඒ අනුව දැන් ඔබලා කියපු බොරු වමාරන්න සිද්ධ වෙලා වෙළඳපොලේ සහල් පාලන මිලට ගන්න නැහැ. පොල් ගන්න පෝලිමක් ඇතිවෙලා.
පසුගිය කාලයේ මෙවැනි තත්ත්වයක් ඇතිවුණා නම් ඔබලා මේ රටේ මාධ්‍ය සාකච්ඡා කියක් තියනවද නාමල් කරුණාරත්න මන්ත්‍රීතුමා දඹුල්ලට ඇවිල්ලා මොන වගේ බෙරිහන් දීමක් කරයි ද, අද එතුමා හොයාගන්නවත් නැහැ .ගොවියගේ එළවළු මිල පහත වැටිලා විකුණගන්න බැරි තත්ත්වයට පත්වෙලා කරන්න කෙනෙක් නැහැ විපක්සේ ඉද්දි හලපු කිඹුල් කඳුළු අද හෙලන්නේ නැහැ.
අපි ඒ ගැන පුදුම වෙන්නෙ නෑ හැබැයි කනගාටු වෙනවා , ආණ්ඩුවක් ගත්තහම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපට කියවීමක් තිබුණා. අපි ජනතාවට කියනවා බොරුවට මුසාවට අහුවෙන්න එපා කියලා.
ඒ වගේම ආණ්ඩුවෙන් යම්කිසි ආකාරයකින් භිෂණයක් මේ රටේ පතුරවමින් තිබෙනවා ,අපි විශ්වාස කරනවා මේ භීෂණය නොවැම්බර් මාසයේ 14න් පස්සේ වැඩි වෙයි කියලා , මාධ්‍ය වල් බූරු නිදහසක් ගැන ඇමතිවරයා ඊයේ පෙරදා කතා කළා, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ පොලිසියට දෝශාරෝපණය කරනවා පෝස්ටර් ගැලෙව්වා කියලා.
පසුගිය දා මම තිත්තවැල්ගොල්ල පන්සලට යද්දී පොලිසිය එතෙන්ට යවලා ප්රමිතට එන්න දුන්නේ ඇයි කියලා ප්‍රශ්න කරල තිබුණා . පන්සලට ආවත් කතාවක් දෙන්න එපා කියලා තිබුණා. මම පුදුම වුණා. මොකද ගමේ පන්සලේ දායකයෙක් විදියට මම පන්සලට යන්නේ මේ පිළිබඳව අපි පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා ,පුරවැසියෙකුගේ අයිතිය කාටවත් නැති කරන්න බැහැ , මම ඒ පන්සලේ රැඳී ඉද්දිත් පොලිසිය පන්සලට ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න කරා ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍ය භීෂණයේ ආරම්භය කියලයි අපි කල්පනා කරන්නේ."