දින පහලොවක සිට ආගිය අතක් නොමැතිව සිටි සිව්දරු පියෙකු ගේ මළසිරුරක් නාගොඩ වෙල් යායක තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මියගොස් ඇති පුද්ගලයා අගලවත්ත, හැළඹ , ප්රදේශයේ පදිංචිව සිටි පී.එච්. සිරිසේන නමැති 82 හැවිරිදි සිව්දරු පියෙකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් මෘත දේහය හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති තැනැත්තා පසුගිය 8 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිට ඇති බවත් එදින සිට ආගිය අතක් නොමැතිව සිට ඇති බවත් පොලිසිය සදහන් කරයි.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදු කරන ලදී.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්රිෂාන්ත මහතා සහ සැරයන් ඩබ්ලිව්.ආර්. ප්රියදර්ශන (7859) පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය