ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු සහන ලබාදෙන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඒකක 180කට වඩා වැඩි ප්රමාණයක් භාවිත කරන ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදීමට නියමිතය.
ඒ අනුව ආගමික ස්ථාන සඳහා අදාළ නව ගාස්තුව රු. 2022 අගෝස්තු 10 දින සිට බලපැවැත්වෙන පරිදි ක්රියාත්මක වෙයි. මේ අනුව ඒකක 180ට වැඩියෙන් භාවිත කරන ආගමික ස්ථානවලින් ඒකකයට රුපියල් 32ක් අය කිරිමට නියමිතය.මීට පෙර එම අගය රුපියල් 65ක් විය.
ආගමික ස්ථාන සඳහා විදුලි බිලට සහනයක් ලබාදෙන ලෙස ආගමික නායකයන් මිට පෙර ඉල්ලා තිබුණි. නව සහනයත් සමගින් ඒකක 180ට වැඩි පරිභෝජනයක් ඇති ආගමික ස්ථානවල විදුලි බිල අඩකට වඩා අඩු වනු ඇත.