ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(25දා) නියෝග කළේය.
විද්‍යුත් විසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් ලබා දුන් අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම යන චෝදනාව මත මෙලෙස ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මීට අදාළ නඩුව ලබන ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිත අතර, එතෙක් ඔහුව රක්ෂිත බන්ධානාගාරගත කර තබන ලෙසද මෙම නියෝගයේ සඳහන් කර ඇත.