අහුංගල්ල, මරදාන ප්රදේශයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකින් 54 හැවිරිදි අයෙක් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙසේ වෙඩි වැදී ඇත්තේ අහුන්ගල්ල මරදාන ප්රදේශයේම පදිංචි පියල් සිල්වා නමැත්තිකුට බවද පොලීසිය කියයි.ඔහු පෙදරේරුවෙක් බවත් පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවත් මේ වෙඩි ප්රහාරයෙන් ඔහුට වෙඩි පහක් පමණ වැදී ඇති බවත් පොලීසිය කියයි.
මේ ආකාරයටම මීට දින දෙකකට පමණ උඩදී මැයි 8 වැනිදා රාත්රී 8 ට පමණ අහුන්ගල්ල ලෝකන්වත්ත ප්රදේශයේදී පාතාල නායක බබාගේ පියා නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කොට තිබිණ.මේ වෙඩි තැබීමත් 8 වැනිදා වෙඩි තැබීම සිදුවූ ආසන්නයේවීම ද විශේෂයෙන්ම කැපීපෙනේ.
මේ වෙඩි තැබීම එයට ප්රතිප්රහාරයක් විය හැකි බවත් අද (10) රාත්රීයේ වෙඩි තැබීමට නාදුනන තුවක්කුකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවත් පොලීසිය කියයි.
ඇල්පිටිය පොලිස් අධිකාරී රවිදු ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අහුන්ගල්ල පොලීසිය විසින් මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත