මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවකුට කිසියම් පිරිසක් විසින් 03 වෙනිදා සවස හිසට වෙඩි හයක් පමණ තබා ඝාතනය කර ඇති බව ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි.
මොරගහකන්ද කළුගග මාර්ගයේ ජලාශයට කිලෝමීටර් දෙකක් පමණ ආසන්නයේ මාර්ගයක් අසල මියගොස් සිටියදී මෙම ඇත් පැටියා හමු වූ බව ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මියගොස් ඇත්තේ අවුරුදු හයක් වයසත් ඇත් පැටියෙකු බවට තහවුරු වී ඇති බවත්, මේ පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්යය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවී නිලධාරි කණ්ඩායමක් විසින් 04 වෙනිදා පෙරවරුවේ සිදු කිරීමට නියමිත බව ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් අප කළ විමසීමකදී පැවසීය.
ඇළහැර ප්රාදේශීය ලේකම් සී.එම්.සී. කරුණරත්න මහත්මියද 03 වෙනිදා රාත්රියේ ඇත්පැටියා මියගොස් ඇති ස්ථානයට ගොස් පරික්ෂාවට ලක් කලාය.