2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ පුද්ගලයින් 58,304 දෙනෙකුට ශ්‍රි ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාදි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එමෙන්ම මෙරට ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීම සඳහා 2015 සිට 2020 දක්වා කාලය තුළ පුද්ගලයින් 63,917 ක් ඉදිරිපත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරැණාතිලක මහතා වාචික පිළිතුරැ අපේක්ෂාවෙන් ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"2015 වසරේ සිට 2020 දක්වා මෙරට ද්විත්ව පුරවැසි භාවය සඳහා ඉල්ලුම් කර ඇති සංඛ්‍යාවන් පිළිබඳව විමසා තිබෙනවා. 2015 වසරේදී 17,126 ක් ඉල්ලුම් කර තිබෙනවා. 2016 වසරේදී 14,802 ක් ඉල්ලූම් කර තිබෙනවා. 2017 වසරේදී 9549 ක් ඉල්ලුම් කර තිබෙනවා. 2018 වසරේදී 9,750 ක් අයදුම් කර තිබෙනවා. 2019 වසරේදී 8,702 ක්ද 2020 වසරේදී 3,988 ක්ද වශයෙන් ඉල්ලුම් කර තිබෙනවා. 2015 වසරේ සිට 2020 දක්වා අයදුම් කර ඇති මුළු සංඛාව 63,917 ක් වෙනවා.
ඒ වගේම අයදුම් කර ඇති අයදුම් කරුවන් අතුරින් 2015 වසරේදී මෙරට ද්විත්ව පුරවැසි භාවය 16,184 කට ලබාදී තිබෙනවා. 2016 වසරේදී 13,933 කට ලබාදි තිබෙනවා. 2017 වසරේදී 8,881 කට ලබාදී තිබෙනවා. ඒ වගේම 2018 වසරේදී 8,747 කට ලබාදී තිබෙනවා. 2019 වසරේදී 7,405 කට ලබාදී තිබෙනවා. 2020 වසරේදී 3154 කට ලබාදී තිබෙනවා. ඒ අනුව 2015 වසරේ සිට 2020 දක්වා 58,304 කට ලබාදී තිබෙනවා."