මොනරාගල පොලිස් වසමට අයත් කුමාරතුංග මාවතේ පදිංචි අවුරුදු දහයක් වයසැති තම දරුවාගේ මුහුණ කම්බිකූරක් රත්කොට පිළිස්සීම සම්බන්ධයෙන් දරුවාගේ මව ඉකුත් (19) වෙනිදා මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
පස් වන වසරේ ඉගෙනුම ලබන දරුවා මවගේ අවවාද නොපිළිපදිමින් දඟකාර ලෙස හැසිරෙන නිසා කම්බි කූරක් රත්කොට මුඛය සහ මුහුණ. මෙලෙස පුළුස්සා ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
සිද්ධියට සම්බන්ධ මව අත්අඩංගුවටගෙන ඇති අතර මොනරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
තුවාල ලැබූ දරුවා ආත්තම්මා සමඟින් මොනරාගල දිස්ත්රික් මහ රෝහලේ ප්රතිකාරලබමින් පසුවේ. මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.
සුමනසිරි ගුණතිලක