සින්තටික් මර්ජුවානා නොහොත් "කේ 2" නමින් සුරුට්ටුවක් ආකාරයෙන් පානය කර හැකි නවතම මත්ද්‍රව්‍ය යක් මේ වන විටත් සමාජගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය ඉංග්‍රීසි අකුරු මුද්‍රිත කඩදාසි කොළයක් ලෙස නිරීක්ෂණය වන බවත් එම කඩදාසි කොලයෙන් කොටසක් ගෙන කුඩා කැබලි වලට කඩා සුරුට්ටුවක් සකස් කර දුම් පානය කිරිම මෙහි ඇති විශේෂත්වය බවත් එම නිලධාරියා කීය.
විදේශීය රසායනික මත්ද්‍රව්‍යක් වන එය ශරීරයට ඉතා අහිතකර බලපෑම් ඇති කරමින් පුද්ගලයකු මානසික ව්‍යාකූලතාවට (සොම්බි තත්වය) ඇති කරවන මත්ද්‍රව්‍ය යක් බවට හඳුනාගෙන ඇත.
විශේෂයෙන් තරුණ හා පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රචලිත කිරීමේ අවධියක පවතින මෙම මත්ද්‍රව්‍ය තරුණ හා පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රචලිත කිරීමේ අවධියක පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සියළුම නිලධාරීන් දැනුවත් කර වැළැක්වීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිතුමාගේ නියෝග අනුව සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පහළ ශ්‍රේණියේ සියලුම නිලධාරීන් වෙත මේ වන විටත් පොලිස් පණිවිඩ නිකුත් කර එය ප්‍රචලිත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුවත් කර ඇතැයිද දැනගන්නට ඇත.