විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අධිකර, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේද දිවුරුම් දී තිබේ.
එම අමාත්‍ය ධුරයේ කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් පසුගියදා ඉල්ලා අස්වූ අතර, පසුව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු අධිකරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කළේය.