අම්බලන්තොට රෝටවල ප්රදේශයට අද 01දා අලුයම පැමිණි වන අලින් තිදෙනෙකු හේතුවෙන් ප්රදේශයේ ජනතාව නොසන්සුන් වී තිබේ. මිට පෙර කිසි දිනෙක මෙම ප්රදේශයට වන අලින් පැමිණ නොමැති බවයි ප්රදේශයේ ජනතාව කියා සිටින්නේ.
කෙසේ නමුත් මේ සම්බන්න්ධයෙන් ක්රියාත්මක වූ හම්බන්තොට හා කලමිටිය වන ජීවී කාර්යාලයන්හි නිලධාරීන් ප්රදේශයට ආරක්ෂා යොදා ඇති අතර දහවල් කාලයේදී වන අලින් එළවීම අනතුරු සහිත හෙයින් රාත්රී කාලයේදී වන අලින් තිදෙනා ප්රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරන බව වන ජීවී නිලධාරින් පවසා සිටියේය.