කොල්ලුපිටිය ගාලු පාර ප්රදේශයේ නිවසක් වෙත ගොස් රුපියල් කෝටික අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකුද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකි.
මෙම අල්ලස් සිද්ධිය මීට පෙර කොළඹ වංචා විමර්ශන අංශයේම පොලිස් සැරයන් වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලස් ලෙස ලබාගත්
කාන්තාවක් ඇතුළු සිවිල් පුද්ගලයන් සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරුවන් විසින් කොල්ලුපිටියේ ප්රදේශයේ පිහිටි නිවස පරික්ෂා කර පැමිණිලිකරුට අයත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් සහ ඩොලර් 3500ක මුදලක් සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි.
එලෙස රැගෙන ගොස් තිබුනේ එම පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බවට ප්රකාශ කරමින් බව පොලිසිය කියයි.
පසුව පැමිණ සැකකරුවන් එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්රය ද රැගෙන ගොස් තිබිණ.
අනතුරුව පැමිණිලිකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්රය නැවත ලබාදීමට රුපියල් කෝටි හතරක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එකී මුදලින් රුපියල් කෝටියක අල්ලස් ලෙස ලබාගෙන තිබිණි.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සිව් දෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීමේදී මෙම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් 7546 ජේ එම් විජේරත්න , පොලිස් සැරයන් 69034 අයි එන් බි ඉහළ ගෙදර නිලධාරීන් දෙදෙනා හා ආධුනික උප පොලිස් පරීක්ෂක ඩි එම් ආර් කේ දිසානායක යන අයවලුන් කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඔවුන් තිදෙනා විසින් සිදු කළ ඉහත විසමාචාර ක්රියාව හේතුවෙන් සැරයන්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ මෙම මස 2 වෙනි දින සිටත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරී වැඩ මෙම මස 3 වෙනිදින සිටත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් අධිකාරි 11 විසින් තහනමට කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි