මතභේදයට තුඩු දි ඇති රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදිමේ සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම පහරදීම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතාට ඔහුගේ පුත්‍රයාට චෝදනා එල්ල වී තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වෙන තුරු සිය ධුරයෙන් ඉවත්වන බව අමාත්‍යවරයා මාධ්‍ය හමුව අමතමින් පැවැසීය.
මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට දන්වා තිබුණ බව වාර්තා විය.
අදාළ පහරදීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කෙරිණි.