(UPDATE) රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
9.06 AM ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
23 හැවිරිදි සැකකරු මාර්ගයෙන් ඊයේ (02දා) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානයට භාරගෙන තිබේ.
මේ වන විට සිද්ධියට අදාළව සැකකරුවන් සැකකරුවන් ගණන 7ක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ අලුයම රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එම පහරදීම සිදුකර තිබූ අතර එහිදි තුවාල ලැබු සිසුන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.