ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටියේ වැඩි තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතාව දෙවැනි දින රාත්‍රියටත් පැමිණ තිබේ.
විවිධ බාධක මැද්දේ වුවත් විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වි සිය විරෝධතාව දක්වමින් සිටියි. විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාර පාන, ඖෂධ ඇතුළු බොහෝ දෑ විවිධ පාර්ශ්ව විසින් පරිත්‍යාග කරනු ලබයි.