අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා අද(27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරු විසින් මෙසේ ඝාතනය කොට තිබුණේ තෙල් වත්ත මළවැන්න දකුණ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු බවද පොලීසිය කියයි.
මේ මල් ශාලා හිමිකරු ඝාතනය කර තිබුණේ ජුනි මස 25 වැනිදා රෑ බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුණේ ඔහුගේම මල් ශාලාවේ සේවය කළ සේවකයකු බවද පොලීසිය කියයි.
සැකකරු වතුගෙදර ආදාදොළ පදේශයේම පදිංචි විසිඅට හැවිරිදි දෙදරු පියෙක් බවත් මල් ශාලා හිමිකරු සිය භාර්යාව සමග පවත්වාගෙන යතැයි කියන අනියම් සම්බන්ධතාවය මේ ඝාතනයේ හේතුව බව අනාවරණයවූ බවත් පොලීසිය කියයි.
ඝාතනයවූ තැනැත්තා අම්බලන්ගොඩ තල්ගස්ගොඩ අම්බලන්ගොඩ ඩිපෝව අසල නිව් රේමන් නමින් මල් ශාලාවක් පවත්වාගෙන යන අයෙක් වන අතර ඔහු එම මල්ශාලාවේ හිමිකරු බවත් පවසන පොලීසිය ඔහුගේ ඝාතකයාද එම මල් ශාලාවේ සේවකයකු ලෙස වැඩකරන අයෙකු බවත් පොලීසිය කියයි.
මිය ගිය අයෙකු ගේ දේහයක් රැගෙන යාමට හර්ස් එක ගෙන එන ලෙස ජුනි මස 25 වැනිදා රෑ මල් ශාලා හිමිකරුට දුරකතන ඇමතුමක්දී වතුගෙදර ආදාදොළ ආවාසවත්ත ප්රදේශයට ඔහු ගෙන්වා ගත් සැකකාර සේවකයා මල් ශාලා හිමිකරුගේ හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබූ බවද පොලීසිය කියයි.
මල් ශාලා හිමිකරු ඝාතනය කිරීමට යොදා ගත් පිහිය වතුගෙදර ආදාදොළ පදේශයේ පාළු ඉඩමක සගවා තිබියදී සැකකරු සමග එම ස්ථානයට ගොස් සොයා ගත් බවද පොලීසිය කියයි.
මෙම ඝාතන සැකකරු හෙට(28) බලපිටිය අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පවත්වයි. ( I J)
එම්.සුසිල් ප්රියන්ත