ශ්‍රිලංකාවේ බුද්ධි අංශ අයි එස් ත්රස්තවාදීන්ගේ ක්‍රියාකරකම් පිළිබඳව විපරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (30දා) දීඝවාපි පුදබිමේදී පැවසීය.
දීඝවාපි චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව පැසුවේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා මෙසේ පැවසීය.
&ඉන්දියාවට ගිය අය පිළිබඳව අපි පරික්ෂණ පවත්වා ගෙන යනවා. ඒ අය ඇසුර කරපු අයත් අඩංගුවට අරගෙන පරීක්ෂණ කටයුතු කරනවා.මේ පරික්ෂණවල අභ්‍යන්තර තත්වය පිළිබඳව දැනට මට එලියට දෙන්න බැහැ.
දැනට අත් අඩංගුවට ගත් හතරදෙනා තද බල ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. දැඩි ආගමික මතධාරීන් නොවෙයි. ඉන්දියාවෙන් අපට ලබාදුන් තොරතුරු මත අපේ බුද්ධි අංශත් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවත් පරීක්ෂණ පවත්වනවා.
ආරක්ෂක ලේකම්වරයා හැටියට මම සහතිකයක් දෙනවා රටේ ජනතාවට. මහජනතාවගේ ආරක්ෂාව ගැන, ජාතික ආරක්ෂව ගැන අපි දවසේ පැය 24 පුරාම විමසිල්ලෙන් ඉන්නේ. අර පාස්කු ඉරිදා වගේ සිදුවීමක් වෙන්න අපි කොහොමටවත් ඉඩ තියන්නේ නැහැ.
දිඝවාපී පුරාණ රජමහා විහාරයෙහි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කරගෙන යන අතර, රජයේ මුදල් වැය නොකර බැතිමතුන්ගේ ආධාර වලින් ඉදිකිරිම් කටයුතු සිදු කරයි.
උතුරු නැගෙනහිර සමථ බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති අම්පාර මහාවාපි විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමි ,පොතු බන්ධන පුරාණ රජමහා විහාරාධිපති මල්වතු මහාවිහාරිය කර්මාචාර්ය මහඔය ජීනරතන හිමි,
බෞද්ධයා නාලිකාවේ බොරලන්දේ වජිරඥාණ හිමි ඇතුළු මහා සංඝරත්නයද පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් වරයා මෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්වූහ.
අම්පාර -වසන්ත චන්ද්‍රපාල