ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීම බලාපොරොත්තු වන බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සාර්ථක කර ගැනීමට බලාපොරාත්තු වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් සඳහන් කළේය.
එසේම රට ගොඩ ගැනීම සාමූහික ප්රයත්නයක් බවත් ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර කර ගත යුතුව ඇති බවත් ඔහු පැවැසීය. ඒ සඳහා සුදුසු කණ්ඩායමක් සිටින බවද ජනපතිවරයා සඳහන් කළේය.
දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් ඒ සඳහා පියවර තබා ඇති බවත් සඳහන් කළ ජනපතිවරයා මෙවර ජනපතිවරණය පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණ පළමු ජනපතිවරණය ලෙස වාර්තා අතරට එක්වන බවද පැවැසීය.
"රට ගොඩ ගැනීමට සාමූහිකව එක්විය යුතුයි. දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණය කරන්න අපි පසු බට වෙන්නේ නෑ.
කාර්යක්ෂම හා අවංක නිලධාරීන් රැසක් අපි මේ වන විට පත්කර තිබෙනවා.
නීතිගරුක රටක් බිහි කරමින් විනය ගරුක රටක් ඇති කරනවා.
නීතිය ඉදිරියේ සෑම අයෙක්ම සමානයි යන සංකල්පයට අපි නැවතත් ජීවය දෙනවා.
රජයේ ඉලක්ක කරා හඹා යන ජනතා සේවයක් ඇති කරනවා.
ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට ප්‍රා යෝගික වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අඩු කරන්න අපි පියවර ගන්නවා.
තම දරුවන්ගේ අනාගතය ගැන සාංකාවක් ඇති වන්න අපි ඉඩ තියන්නේ නෑ. සියලු දරුවන්ට විශිෂ්ඨ අධ්‍යාපනයක් ලබා දෙනවා.
තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි රටක් අපි හදනවා.
අපේ රටේ ප්‍රතිරූපය නංවන්න සියලු වැඩ සටහන් සකස් කර අවසන්. විදෙස් ගමන් බලපත්‍රයට රටවල් ගරු කරන තත්වයක් ඇති කරන්න ඕන.
සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය ඉටුවන රාජ්‍යයක් සකස් කරනවා.
සියලු ආයතනයන්හි කාන්තා නියොජනය ශක්තිමත් කරනවා. අපි දැනටමත් අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් පත්කර තිබෙනවා.
අපි ශක්තිමත් සමාජ ආරක්ෂක ජාලයක් ගොඩ නගනවා.
මහජන පරමාධිපත්‍ය අපි දැඩිව විශ්වාස කරනවා.
සාධනීය විවේචන පිළි ගැනීමට සූදානම්. මේ රට ගොඩ ගැනීම වෙනුවෙන් සාධනීය ලෙස සම්බන්ධ වන සියලු දෙනාට අපි විවෘතයි.
ව්‍යවස්ථානුකූලව රට ගෙන යාමට කැබිනට් මණ්ඩලය පත්කළා.
අදට වඩා හොඳ හෙටක් යන්න දශක ගණනාවක සිහිනයක් වෙලා තිබෙනවා.
ඉතිහාසයේ අත්හල නොහැකි අවස්ථාවක් අපිට ලැබී තිබෙනවා.
අපි එකට එක්ව පොහොසත් රටක් ගොඩ නගමු"