ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර දැනට අත්සන් කර ඇති ගිවිසුම ජනතාවට හිතරක අයුරින් වෙනස් කරන ආකාරය නොබෝ දිනකින් ජනතාවට ලිඛිතව ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
පිටකෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (31දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“රට ආර්ථික වශයෙන් බලාපොරොත්තු වන තැනට ගේන්න දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්න වෙනවා. ඒක අපි කවදාවත් නෑ කියලා නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන එකඟතාව ඉදිරියට ගෙනියන්න සිදු වෙනවා. නමුත් අපි ඔවුන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දීර්ඝ වශයෙන්. අපි යෝජනා කරන වෙනස් මොනවාද කියලා මේ එකඟවෙලා තියෙන අයි.එම්.එෆ් ඇග්‍රීමන්ට් එක අහනව. අපි දිගින් කිව්වා අපි අයි.එම්.එෆ් එකත් එක්ක යනවාට අපි විරුද්ධ නෑ. අපි විරුද්ධව ඡන්දය දුන්නේ නෑ. මොකද ඒ අවස්ථාවේ තිබුණු තත්ත්වයෙන් රට ඉදිරියට යන්න සහයෝගය අවශ්‍ය වෙලා තිබුණේ.
එදා ඒකට යන්න සම්පූර්ණයෙන් විරුද්ධත්වය පළ කළ කණ්ඩායම් දැන් කියන්න උත්සහ කරනවා අයි.එම්.එෆ්.එකත් සමග ඇති වූ එකඟත්වය කිසිසේත්ම වෙනස් කරන්න බෑ. මේ දුකම විඳගෙන ඉදිරියට යන්න ඕනැ කියලා. ඒත් අපි එදා ඉඳලම කිව්වේ අපි එතන නැහැ. කබීර්, මම, ඉරාන් වගේම සජිත් අපේ නායකතුමා ඒක ඍජුවම ප්‍රකාශ කළා. අපි ඉදිරිපත් කරනවා අයි.එම්.එෆ්. එකට මේ ගිවිසුමේ වෙනස් කළ යුතු කාරණා මොනවාද කියලා. ඒ අනුව අපි නොබෝ දිනකින් ජනතාවට ඉදිරිපත් කරනවා කොහොමද අපි මේක වෙනස් කරන්නේ කියලා. ඒක අපි ජනතාවට ලිඛිතවම ඉදිරිපත් කරනවා”