මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි දේව ගැතිවරියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය හැත්තෑ එකක් , ජංගම දුරකථන තුනක් සමග අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාවේ පදිංචි "කෝවිල් චමරි" නමැති (35) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.
වැලිකඩ අරුණෝදය මාවත ප්‍රදේශයට කාන්තාවක් විසින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරත පොලිස් නිළධාරියකුට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් අරුණෝදය මාවත අසල ආවේශන රාජකාරියෙන් රැකබලා සිටියදී පැමිණි කාන්තාවක් නවතා පරීක්ෂා කිරීමේදී ඇයගේ ගමන් මල්ලේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 171 හා මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිතා කරන ජංගම දුරකථන තුනක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිහකට ආසන්න බව පොලිසිය කියයි.
පසුව සැකකාරිය පදිංචි කොලොන්නාවේ නිවස සහ ඇයගේ මව පදිංචි අරුණෝදය මාවතේ සුවිසල් නිවාස දෙකක් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී කිසිවක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය පළමු විවාහයෙන් වෙන් වී බොරැල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඔහුට අයත් මත්ද්‍රව්‍ය සැකකාරිය විසින් ජාවාරම් කරන බවත් ඉන් උපයන මුදල් අනාවරණය නොවීමට නිවසේ දේවාලයක් පවත්වාගෙන යමින් දේව ගැතිවරියක් ලෙස කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණි කාන්තාවක් බවද පැවසේ.
අත් අඩංගුවට ගත් කාන්තාව වැලිකඩ පොලිසියට භාරදී අලුත් කඩේ අංක 4 අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක
සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක චින්තක දසනායක මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ (38723) රංජිත් කා.පො.සැ (2673) කුමාරි පො.කො (83774) සුදීර ,(104607) සෙනවිරත්න (104881) සාලිත පො.කො.රි (80734) ජයතුංග ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වතී.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න