මිලේච්ඡ ලෙස ඝාතනයට ලක්වූ අටලුගම ෆාතීමා අයීෂා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට තමන් පොරොන්දු වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එම ඝාතනය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි. මෙසේ ජීවිතක්ෂයට පත්වූ ෆාතිමා අයීෂාගේ පවුල වෙනුවෙන් තම ශෝකය සහ බලවත් සංවේගය ප්‍රකාශ කරන බවද ජනපතිවරයා පවසයි.
මේ අතර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට භාරදෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
අතුරුදන්ව සිටි අයීෂා ගේ සිරුර ඊයේ (28දා) පස්වරුවේ වගුරුබිමක තිබී හමුවිය. සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) සිදුකිරීමට නියමිතය.