දිස්ත්‍රික්ක 06කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 8,591කට අයත් පුද්ගලයන් 27,135ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පවුල් 8,527කට අයත් පුද්ගලයන් 26,894ක් පීඩාවට පත්ව සිටින්නේ දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03කට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසාය. මේ අනුව වියළි කාලගුණ තත්ත්ව නිසා යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 8,118කට අයත් පුද්ගලයන් 25,506ක් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 239කට අයත් පුද්ගලයන් 732ක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් 164කට අයත් පුද්ගලයන් 656ක් පීඩාවට පත්ව සිටින අතර, එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහකට ඇති වී තිබෙන තද සුළං හා තදවැසි නිසා පවුල් 47කට අයත් පුද්ගලයන් 173ක් පීඩාවට පත්ව ඇත.
මීට අමතරව තද සුළං හා වැසි නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 18කට අයත් පුද්ගලයන් 47ක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 2කට අයත් පුද්ගලයන් 10ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 3කට අයත් පුද්ගලයන් 11ක් පීඩාවට පත්ව සිටින අතර, පොදුවේ මෙම දිස්ත්‍රික්කවල නිවාස 70කට හානි සිදුව තිබේ.
අද (09දා) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි.