2025 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය. අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය. වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණි.
අද දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගනු ලැබීය.
මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණයි.