එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දුන්නේ කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දීය.
ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන විවිධ පාර්ශ්ව එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දැරීම කිසිදු පදනමක් නොමැති කතාවක් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
දිනෙන් දිනම බඩු මිල වැඩි වනවා මිස අඩු වීමක් සිදු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අයවැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.