කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
මේ අනුව රවීන්ද්‍ර සමරවීර මහතා කම්කරු සහ වෘත්තීය සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත්, වී රාධක්රිෂ්නන් මහතා විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ලෙසත් දිවුරුම් දී තිබේ.
අම්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබේ. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ කම්කරු, වෘත්තීය සමිති සබඳතා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව ඇති අතර, ඒ අනුව නව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධුරය සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරය ලෙස සංශෝදනය වී තිබේ




