දැනට පෞද්ගලික පරිහරණයේ ඇතිමහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ගම්පොළ අම්බුලුවාව ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා කෝපා කමිටුවට කරුණු ඉදිරිපත් කොට ඉන් අනතුරුව එය පාර්ලිමේන්තු පනතක් හරහා ඉදිරි තීරණ ගැනීමට නියමිතය.
අද (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස් වූ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුරැස්වීමේදී ඒ සම්බන්ධයෙන් වූ තීරණය ප්‍රකාශයට පත් විය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තසම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් හා මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගනු ලැබීය.
ගම්පොළ ප්‍රාදේශීය සභා සංවර්ධන කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණ තුනක් උඩඑම තීරණය ගනු ලැබූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහ භාරකාරවරයා වෙතදී ඇතැයි කියන දීමනා පත්‍රය අවලංගු කිරීම, එම ඉඩමේ කොටසක් වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිය යුතු කොටස කඩිනමින් මැනුම් කටයුතු සිදුකොට භාරදීමද ඊට ඇතුළත්ය.
මෙම මතභේදාත්මක දේපොළ සම්බන්ධයෙන් 2012 වසරේ සිට විගණන කටයුතු සිදුකොට නිරීක්ෂණ සිදුකර ඇතත් ඒවා ක්‍රියාත්මක වී නොමැති බවද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රකාශ විය.
ෂේන් සෙනෙවිරත්න