අම්බලන්ගොඩ පොලීසිය පිටු පස මාර්ගයේ අද (26) සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි. ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.
නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.
මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය කියයි.
මේ ආකාරයටම ඊයේ (25) රෑ ද වතුගෙදර ආදාදොල පදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
දැනට ඇප මත සිටින අම්බලන්ගොඩ කෝටිපති වයාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු ඉලක්ක කරමින් මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.
ඔහු අසල්වාසී නිවසක පැවති මගුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියකින් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර් ඇති බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු වෙඩි තමා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී තමන් ගමන් ගත් යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් ඔහුට හා දරුවාට තුවාල සිදුව නැති බවත් ඒ ආසන්නයේ බිම පතුරම් කිහිපයක් වැටී තිබියදී සොයාගත් බවත් පොලීසිය කියයි.
මේ වෙඩි තැබීම් දෙකම සිදු කළ වෙඩික්කරුවන් මෙතෙක් හදුනා ගෙන නැති අතර ඔවුන් වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිවලින්ම පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මේ වෙඩි තැබීම් දෙකත් සමගම තමන් දැඩි බියකට පත්ව තිබෙන බව අම්බලන්ගොඩ ජනතාව කියති.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.