වත්මන් රජය මගින් මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කර මෙරට ජනතාව සුවපත් කරන කාර්යයේදී හෙදියන්ට විශාළ වගකීමක්, කාර්යක් පැවරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ පසුගියදා අම්පාර හෙද විදුහලේ පැවති 2020 - A සිසු හෙද කණ්ඩායම සදහා හිස්වැසුම් පැළඳවිම සහ සේවයට කැපවීමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිණි.
හෙද සිසු සිසුවියන් සදහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 140 ක් සදහා මෙහිදී හිස් වැසුම් පැළදවිම සහ සේවයට කැපවීම සිදු කෙරිනි. අම්පාර හෙද විදුහල ස්ථාපිත කිරීමෙන් පසු එහි සේවයට කැපවන 18 වන සිසු හෙද කණ්ඩායම මෙම කණ්ඩායම වේ.
වර්ථමානය වන විට හෙද කර්මයේ සංවර්ධිත පරිවර්ථනයක් සිදුව තිබෙන බවත්, එය විවිධාන්ගීකරණයට ලක්ව තිබෙන බවත් ප්‍රකාශ කල ලේකම්වරයා හෙදිය, මාණ්ඩළික හෙදිය, හෙද සොයුරිය, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය වශයෙන් ද හෙද ආචාර්යවරුන් වශයෙන් ද සේවය කල හෙදිය වර්ථමානය වන විට විවිධ අංශවල, විවිධ ක්ෂේත්රවල කටයුතු කරන බව ද පැවසී ය.
හෙද විදුහල් තුළින් ලබා දෙන අධ්‍යයන පුහුණුව ඉදිරියේදී විශ්ව විද්‍යාල මට්ටමින් ලබා දීම කටයුතු කරන බවත්, මෙරට සේවයේ නියුතු හෙද හෙදියන් අනෙකුත් වෘත්තීන්ට වඩා විනයානුකූලව කටයුතු කරන බවත් ලේකම්වරයා අවධාරණය කර සිටියේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අනිල් ජාසිංහ මහතා නයිටින් ගේල් මැතිණිය 1853 ක්රිමියන් යුද්ධයේ දී තුවාල ලබන සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සිදු කළ බවත්, එම සේවාව පසුව හෙද සේවාව බවට පරිවර්ථනය වූ බවද සිහිපත් කර සිටියේ ය.
එතුමිය හෙද සේවාව ආරම්භ කිරීම පමණක් නොව දැඩිසත්කාර ඒකක ක්‍රමය ආරම්භ කිරීමේ පුරෝගාමියා ද එතුමිය බවත් සිහිපත් කල ලේකම්වරයා එතුමීයව ඉතාම ආදරයෙන්, ගෞරවයෙන් සිහිපත් කරන බව ද මෙහි දී පැවසී ය.
දිවයින පුරා ස්ථාපිත හෙද විදුහල් 15 ක මේ වන විට හෙද සිසු සිසුවියන් 6000 ක ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන අතර මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් 42000 කට ආසන්න ප්‍රමාණයක් ද සේවය කරනු ලබයි.

