පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍යා සේවා අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කොරෝනා වෛරසය රෝග තත්ත්වයන් පාලනයේදී ඔවුන්ගේ සහාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කායාර්යාලවෙත ලබාදීමට හැකිවනු පිණිස එම කාර්යාලවලට තාවකාලිකව අනුයුක්ත කිරීමටද තීරනය කරන ලදී.
එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙයින් සේවයට වාර්තා කිරිම අපහසු නිසා අභ්‍යාසලාභි උපාධිධාරීන් හෙට (30දා) දිනයේදී සෞක්‍ය වෛද්‍ය නිලධාරී/ප්‍රා දේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීම අත්‍යාවශ්‍ය නොවන අතර ඒ පිළිබඳව යථා කාලයේදී දැනුම් දීමක් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.