නාම යෝජනා නොලැබීම නිසා ඉල්ලා අස්වු රිෂාඩ් බද්යූදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු ජාතික සංවිධායක හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුප් මහතා කොළඹදි හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා අතින් එහි පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.
ආධාරකරුවන් පිරිසක් සමග ගොස් රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු අබ්දුල්ලා මහරුප් මහතාට එම පක්ෂයේ සාමාජිකත්වය ලබාදීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ මූතූර් ආසන සංවිධායක ලෙස පත්කරනු ලැබීය.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක ධුරයටද අබ්දුල්ලා මහරුප් මහතා පත් කෙරිණි. ඉදිරි මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙසද අබ්දුල්ලා මහරුප් මහතා පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කටයුතු කෙරුණි .
ත්‍රිකුණාමලය චමෝද්‍යා