පාස්කු ප්‍රහාරය වගේ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරවීමට ඇතැම් පිරිස් උත්සාහ කරනවාද යන සැකය පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක්ඇති වන බවට සිදු කරන ප්‍රචාරයන් නිසා ඇති වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කෝන්ග්‍රසයේ නායක සහ මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක රවුෆ් හකීම් මහතා කීය.
මහනුර දිස්ත්‍රික් අපේක්ෂක එම්.එච්.ඒ. හලීම් මහතාගේ සහ හකීම් මහතාගේ මෙහෙයුම් කාර්යාලයක් අකුරණ නගරයේ විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හකීම් මහතා මේ බව කීය.
වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් හකීම් මහතා මෙසේද කීය.
“ මුස්ලිම් ජාතිකයින් අතර නැවත වාරයක් අවශ්‍ය නැති භීතිකාවක් උත්සාහයක් පොතුවිල් ප්‍රදේශයේ ඊශ්‍රායල් ජාතිකයින්ට විරුද්ධව ප්‍රහාරයක් එල්ල වන බව ප්‍රකාශ වීම නිසා ඇති කර තිබෙනවා. එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරිම පමණක් නොව එම ප්‍රදේශයේ සංචාරක කර්මාතය සම්පූර්ණයෙන් කඩා වැට්ටීමේ යම් ප්‍රචාරයන් යන බව අපි දකිනවා.
මම මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක නායකයෙක් හැටියට සහ ඒ පළාතේ වැඩි මන්ත්‍රීන් ගණනක් ලබා ගත හැකි පක්ෂයක් හැටියට එක කාරණාවක් ඉතා පැහැදිලිව කිව යුතුයි.පාස්කු ඉරිදා සිද්ධියෙන් අපේ ජනතාව සෑහෙන දුරට බැට කෑවා.ඒක පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබුණ බව කවරුත් දන්නා කරුණක.
එවැනි කුමන්ත්‍රණයක් මෙවරත් ක්‍රියාත්මක කර වීමට , නැත්නම් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට, රටේ ආර්ථිකය බිඳ වැට්ටවීමට,වුවමනාවෙන් යම් ප්රයත්නයක් දියත් කරනවාද යන සැක සංකා පහළ වෙලා තියෙනවා. නමුත් මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකයෙකු හැටියට අපි කිසි විටෙක ඒ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට හිරිහැරයක් වන්නට ඉඩ දෙන්නේ නැති බවත් ඒ ප්‍රදේශයේ ජනතාවත් ඉතා පරීක්ෂාවෙන් සහ විමසිල්ලෙන් සිටින බවත් මම සහතික වෙනවා"
මොහොමඩ් ආසික්