පාර්ලිමේන්තුවට තරග කළ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් ලබන මස 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර මැතිවරණ ප්රචාරක ආදායම් වියදම් වාර්තා භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් විසින් තරග කරන ලද මැතිවරණ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරීන් වෙත අදාළ වාර්තා භාර දිය යුතු බවද කොමිසම පෙන්වා දෙයි.
ජාතික ලැයිස්තු අනුව නම් කරන ලද අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්රචාරක ආදායම් හා වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බවද සඳහන් කරයි.
ඒ ඒ මැතිවරණ කොට්ඨාසවලට වියදම් කළ හැකි උපරිම සීමා අංක 2406/03 හා 2024.10.15 වැනි දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇත. මෙම වාර්තාවලට පක්ෂය, කණ්ඩායම හා අපේක්ෂකයා වෙනුවෙන් පිළිගනු ලැබූ, භාරගනු ලැබූ, පරිත්‍යාග හෝ දායකත්ව සහ පරිත්‍යාග හෝ දායකත්ව ද්‍රව්‍ය වශයෙන් ලැබුණේ නම් ඒවායේ ඇස්තමේන්තු වටිනාකම එකී දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන්ද යන සඳහන් කළ යුතු බව සඳහන් කරයි.
මේ සඳහා ආකෘති පත්‍රය ඕනෑම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකින් ලබාගත හැකි බවද පෙන්වා දෙයි.
අදාළ ආදායම් වියදම් වාර්තා ලබන මස 17 වැනි දින සිට පුරවැසියන්ට දැනගැනීම පිණිස තේරීම්භාර නිලධාරී කාර්යාලවල හා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී ප්‍රදර්ශනය කරන බවද කොමිසම සඳහන් කරයි.