මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉකුත් මස 17 දා සිට මැතිවරණ ප්රචාරණ කටයුතු අවසන් කෙරුණු අද දින දක්වා නීති විරෝධී ලෙස ප්රදර්ශනය කෙරුණු පෝස්ටර් 668,676 ක් පොලීසිය මගින් ඉවත් කර එවැනි තවත් පෝස්ටර් 219,203 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
එයට අමතරව ප්රචාරක බැනර් 1609 ක් ඉවත් කර 1176 ක් පොලිස් බාරයට ගත් බවත් ,කටවුට් 1613 ක් ඉවත්කර 1632 ක් පොලිස් බාරයට ගත් බවත් පොලීසිය කියයි.තවත් දැන්වීම් හා අනෙකුත් ප්රචාරක පත්රිකා 7829 ක් ඉවත්කර 10974 ක් පොලිස් බාරයට ගත් බවද පොලීසිය පැවසීය.