"අපිව පාවිච්චි කරලා දේශපාලන දඩයම පටන් අරන් ඔන්න අපි රාජපක්ෂලව හිරේ දන්න ලෑස්ති කරල තියෙන්නෙ පැය 8 ක් ප්‍රශ්න කලා 10 ක් ප්‍රශ්න කලා කියලා. ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න ලෑස්ති වෙන්න එපා" යැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඒ මහතා එසේ පැවසුවේ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණ මාධ්‍ය අමතමනි
"සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි. අනික් ආණ්ඩුවේ ඉන්න කට්ටිය ගෙන්නලා ප්‍රශ්න කරන එක. එන්න කිව්වහම අපි එනවා. මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවල තියෙනවා.
අද නම් එන්න කියලා තියෙන්නේ 2010-2015 කාල සීමාව මගේ කාර්යාලට ඇවිල්ලා. සල්ලි තියලා ගිහිල්ලලු. එක මහත්තයෙක් කියලා තියෙනවා නිර්නාමික පැමිණිල්ලක් .ඒ පිළිබඳ මගෙන් අහනවා.
ඔය විදියට පැමිණිලි දාහස් ගානකට පහුගිය ආණ්ඩුවේ මම ඇවිල්ලා උත්තර දුන්නා රිමාන්ඩ් උනා නිදොස් කොට නිදහස් වුණා. අපි පැහැදිලිව ඇවිල්ලා මේවට සහයෝගය ලබාදෙනවා.
අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම අර උගන්ඩාව සම්බන්ධයෙන් ශි ශෙල්ස් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයගෙන් කට උත්තර ලියාගෙන, ඒවා ලෝකයේ තියෙන තැන් දන්න කියන අය, චෙක් දැක්කා කියන අයවත් ගෙන්නලා සාක්කි සඳහන් කරලා පරීක්ෂණ කටයුතු කරන්න කියලා."