අනුරාධපුර නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික පුද්ගලයෙකු ඉකුත් (8 දා) ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එන්ගලන්තයේ, no.5, කින්වින් ඇවනිවු , k77p පදිංචිව සිට දැනට අනුරාධපුර හරිස්චන්ද්ර මාවතේ හෝටලයක පැමිණ නේවාසිකාව නවා තැන්ගෙන සිට එස්. මනෝරංජන් සිරිකාන්තන් නැමති 84 හැවිරිදි විදෙස් ජාතිකයෙකි.
එම නවාතැන්පලේ නවාතැන් ගෙන සිටියදී ඇති වූ හදිසියේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 8 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී රාත්රී 10.30 ට පමණ බාහිර රෝගී අංශයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර පොලිසියේ මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.