මෙවර මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.
වීමලදී ගැනීමේ ආරම්භක වැඩ සටහන වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන පන්සීයක මුදලක් ලබා දී තිබූ අතර පෙරේදා (15දා) දිනයේදී ද නැවත රුපියල් මිලියන 500ක මුදලක මුදලක් ජනාධිපතිවරයා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් වී මිලදී ගැනීම සඳහා මුදල් ලබා දී ඇති බව ද ඒ මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුල වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 33ක් පවතින අතර මේ වන විට නොච්චියාගම මධ්‍යස්ථානය පමණක් විවෘත කටයුතු කර ඇති බවත් ඉදිරියේදී අනුරාධපුර ඇතුළු වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන අවශ්‍යතාවය මත විවෘත කරන බව ඒ මහතා කීය.
රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික අංශය විසින් වී මිලදී ගැනීම සඳහා යොමු වීම හේතුවෙන් රජයේ වී ගබඩා වෙත වී අලෙවි කිරීම සඳහා ගොවීන් තුල උනන්දුවක් නොමැති බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.