අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා අනුරාධපුර පුජාභූමිය හා ඒ අවට විශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. මෙම සංවර්ධන කටයුතු සිදුකරන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධවයි.
උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකා රජය සහ සංවර්ධනය පිළිබද ප්‍රංශ නියෝජිත ආයතනය අතර හවුල්කාරිත්වයෙනි. අනුරාධපුරයේ ස්වභාවික උරුමයන් රැකගනිමින් අනුරාධපුර නගරයේ පූජනීය හා නවීන කොටස් අතර නවීන කොටස් අතර සංවර්ධනය වෙනුවෙන් තුලිත ක්‍රමවේදයක් ප්‍රචලිත කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. මේ සදහා වෙන් කෙරුණු මුදල යූරෝ මිලියන 62.4කි. මෙම ව්‍යාපෘතිය යටතේ උප ව්‍යාපෘතීන් 11ක් ක්‍රියාත්මක කෙරිණි.
මේ යටතේ අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බොධි නැගෙනහිර රථගාල හා දක්ෂිණ රථගාල, මිරිසවැටිය රථගාල, ලංකාරාමය රථගාල යන රථගාල් හතරක් සංවර්ධනයකර අවසන්ය. තිරසාර ජලාපවාහන පද්ධති, කාර්යක්ෂම ක්ෂුද්‍ර ජල සැපයුම් මාර්ග, තණකොල ඇතිරීම සහ ප්‍රවේශපත්‍ර කවුන්ටර සහිත ස්වයංක්‍රීය ගේට්ටු වැනි හරිත සැලසුම් අංග ඇතුළත් නවීන පහසුකම් වලින් මෙම රථගාල් සමන්විත වේ.
පූජාභූමිය තුළ විවිධ ආකාරයේ නාම පුවරු සවිකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අවසන් කෙරිණි. ස්ථානය හදුනාගැනීම, එහි පුරාවිද්‍යාත්මක ලක්ෂණ වල වැදගත්කම පිළිබද දැනුවත් භාවය වැඩි දියුනු කිරීම සහ සංචාරකයන්ට මෙම වැදගත් ලක්ෂණ හදුනාගැනීමට උපකාර කිරීම මෙහි අරමුණයි. මෙම ව්‍යාපෘති සදහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 468.52 කි. මෙම වැඩිදියුණු කිරීම් අනුරාධපුරය පූජනීය නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සහ තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම අරමුණූ කරගත් අනුරාධපුර ප්‍රවාහන ප්‍රධාන සැලැස්ම සමග සමපාත වේ.
භූ දර්ශන සහිත ප්‍රෙද්ශයක් සහ වන්දනාකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සදහා සුව පහසු මධ්‍යස්ථානයක් ඇතුළත් කරමින් දුම්රිය පැමිණෙන තෙක් රැදී සිටීමේ පුදේශයක්, අවන්හලක් සහ සනීපාරක්ෂක පහසුකම් සහිත දුම්රිය ප්ලාසා චතුරස්‍රය සංවර්ධන කරන ලදී. වන්දනාකරැවන්ට පහසුකම් සැලසීමේ කාර්යභාරයෙන් ඔබ්බට ප්‍රාෙද්ශීය ප්‍රජාවට ප්රතිලාභ ලබාදෙමින් විවිධ අරමුණූ සදහා යොදාගත හැකි හරිත ප්‍රදේශයක් බවට මෙම අවකාශය පරිවර්තනය කෙරේ..
රුපියල් මිලියන 1795.30ක මුදලක් වැය කර ඉදිකෙරෙණ අනුරාධපුර දක්ෂිණ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථායේ ඉදිකිරීම් මේ වනවිට ක්‍රියාත්මකයි. මෙම මධ්‍යස්ථානය ආපනශාලා, නිදන ශාලාමෙන්ම නවීන පහසුකම් වලින් සමන්විත වන බව නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්යක්ෂ එච්.ඩබ්ලිව්. සෝමරත්න මහතා පවසයි. අනුරාධපුරයට පැමිණෙන කෙටි හා දුර ගමන් සේවා බස් රථ සේවා හා දුම්රිය සේවා ඒකාබද්ධ වැඩිපිළිවෙලක්ද මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ වසර තුළ මෙම අනුරාධපුර දක්ෂිණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම් අවසන් කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් බලධාරීන්ට උපදෙස් දී තිබේ.