සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පලා නොයන බව ඔහුගේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඒ.එෆ්.පී. පුවත් සේවය වෙත අද (10දා) පවසා තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ගෝල්ෆේස්හි අරගලකරුවන්ට පහරදිමෙන් පසුව ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් රටම මේ වන විට ගිනි ගොඩක් බවට පත්ව තිබේ.
“අපි යන්න යනවා කියලා කටකතා ගොඩක් තියෙනවා. අපි රට හැර යන්නේ නෑ ” යැයි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොවන බවත් ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
සඳුදා රාත්‍රියේ විරෝධතාකරුවන් කොළඹ අගනුවර පිහිටි ඔහුගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ වැට කඩා දැමීමෙන් පසු මහින්දව හෙළි නොකළ ස්ථානයකට ගෙන යන ලදී.
"මගේ පියා ආරක්ෂිතයි, ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනවා. ඔහු පවුලේ අය සමඟ අදහස් හුවමාරු කර ගන්නවා" යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.