"තෙල් නැත්තනං එක දවසකට ඉවසන්න, මාස හයකට ලංකාවේ තෙල් තියෙන බයවෙන්න එපා,ගේන්න සල්ලිත් තියෙනවා" යැයි නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා සඳහන් කළේය.
ටී.බී සරත් මහතා ඒ බව සඳහන් කළේ පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ 03 වෙනිදා සවස පැවැති මහජන හමුවකට සහභාගීවීමෙන් අනතුරුව, රැස්ව සිටි පිරිස අමතමිනි.
'' කවුරුවත් බයවෙන්න එපා මේරට කඩා වැටෙන්නේ නැහැ, කුමන්ත්‍රණ කරලා වට්ටන්නත් බෑ. උද්ඝෝෂණය කරලා වට්ටන්නත් බෑ,හොඳම උද්ඝෝෂණය කරපු නබීර්ලා ටික තමයි ආණ්ඩුව අරං තියෙන්නෙ. අපිට උද්ඝෝෂණය ගැන කියලා දෙන්න එන්න ඕනෙත් නෑ.
රතු පාටින්, කහ පාටින්, කොළපාටින් කියන්න ඕනෙත් නෑ. අපි හොඳට උද්ඝෝෂණය කරලා තමයි ආවේ. ඔය ගොල්ලෝ අපි උද්ඝෝෂණය කරලා තමයි අපි මෙතෙන්ට ගෙනාවේ. මෙතන ඉන්නව දහස් ගණන් ඕන තරම් අපේ උද්ඝෝෂණ වලට සම්බන්ධ වුණ අය.
අපි ආවේ මේ රට හදන්න, අපි මේ රට හදනවා. කිසිම කුමන්ත්‍රණ කණ්ඩායමකට මේ ආණ්ඩුව පෙරලන්න බෑ. පෙරලන්න ඉඩ තියන්නෙත් නෑ. නීතියේ සාධාරණත්වය සැමට සමාන වෙන්න ඕනෙ. ඒ නිසා නීති විරෝධී ක්‍රියා කරන අයවලුන්ට අපේ රටේ බන්ධනාගාරය ඉඩ තියෙනවා කියලා අපි කියනවා. ඒක මේ රටේ යුක්තිය සාධාරණය. මේ රටේ ජනතාවට අපරාධ කරන්න බෑ. තැන තැන වෙඩි තියන්න බෑ. ඒක මිනිස්සුන්ගේ අයිතිය, එහෙම කරොත් ඒකට නීත්‍යානුකූලව දඬුවම් තියෙනවා, අපි ඒක කරනවා. යැයිද ටී.බී සරත් මහතා මෙහිදී කීවේය.
අපේ රටේ වරායෙන් නොවැම්බර්, දෙසැම්බර් මාස තුළ කෝටි 1500 ක්, මහා භාණ්ඩාගාරයට අපි එකතු කළා, නාමල්ලා,
රනිල්ලා, කරේ ඒ මුදල් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදීලා අත යටින් මුදල් ගත්ත එක.අපි මේ මාස තුන ඇතුළත කෝටි 19,000 ක් ඉතුරු කරලා තියෙනවා, ඔබ ගෙවපු බදු මුදල්. මේවා වෙනදා හොරා කෑවා.වෙනදා ඔබ බදු ගෙවනවා ඒවා භාණ්ඩාගාරයට ගෙවනවා, භාණ්ඩාගාරයෙන් හොරු හොරකම් කරනවා.
අපි අයවැයෙන් වැඩි කරපු වැටුප්, අස්වැසුම, ගෙවන්න ජාත්‍යන්තර අරමුදලෙන් ගත්තේ නෑ.අපි මේ රටේ ජාතික දේපල වික්කෙ නෑ. මේ රටේ ජනතාව අවුරුදු හැත්තෑවක් දුක් වින්දා. ඔබ දුක් වින්දේ පාලකයන්ගේ වරද්දෙන්, දැන් ඕනම දේකට මුදල් ඉල්ලුවොත් අපි මුදල් වෙන් කරනවා. කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්න රුපියල් මිලියන 74,000 ක් මේ රජය වෙන් කරලා තියෙනවා.
ඊට අමතරව ජනාධිපතිතුමා මින්නේරිය වැව මූලික කරලා රුපියල් මිලියන පන්සියයක් එවලා තියෙනවා, පොළොන්නරු දිස්ත්‍රික්කයේ නගරය සංවර්ධනය කරන්න රුපියල් කෝටි නමසිය වෙන් කරලා තියෙනවා.අපි අරක්කු සිගරට් වලටත් බදු ගැහුවෙ නෑ. බඩු මිල වැඩි කරෙත් නෑ. එහෙම කරලා තමයි අපි අයවැයෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙන්නේ."
නිමල් ජයරත්න
