යුක්රේනයේ කිව් අගනුවරට පස්වරු 5.00 සිට පසුදා උදෑසන 08.00 තෙක් ඇඳිරි නීතය පැනවීමට කටයුතු කර තිබේු.
යුක්රේන ජනතාව 100000කට අධික පිරීසක් දේශ සිමා හරහා පෝලන්තයට පැමිණ ඇති බව පෝ්ලන්ත දේශසීමා ආරක්ෂක ඒ්කකය පවසයී.
යුක්රේනයේ ගුවන් මිසයිල ඒකකයක් රුසියානු ආරක්ෂ අංශ විසින් විනාශ කර තිබේ. මිසයිිල ඒකකය කිව් අගනුවර වෙත ගමන් කරන විටදී මෙසේ රුසීයාව විසින් විනාශ කර තිබේ.
රුසියානු ආරක්ෂක අංශ විසින් සිදුකළ ප්‍රහාර වලින් යුක්රේන වැසියන් 198ක් ජීවිතක්ෂයට පත්ව ඇතී බව යුක්රේන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.මේ අතර කුඩා දරුවන් තිදෙනෙක්ද වෙයි. එසේම තුවාල ලබා ඇති පිරිස 1000 ඉක්මවා ඇති අතර ඒ අතර දරුවන් 30කට අධික සංඛ්‍යාවක් සිටින බවද අමාත්‍යාංශය පවසයි.
රුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි.
යුක්රේනයේ කිිව් අගනුවර සිට සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
"ආයුධ බිම තබන ලෙස මම අපේ හමුදාවෙන් ඉල්ලා සිටින බවටත්, හමුදාව ඉවත් කරන බවටත් අන්තර්ජාලයේ බොහෝ ව්‍යාජ තොරතුරු පළවෙනවා. මම මෙතන ඉන්නවා. අපි ආයුධ තියන්නේ නැහැ. අපි අපේ රාජ්‍යය ආරක්ෂා කරනවා" යැයි ඔහු පවසයි.
මේ අතර ප්‍රංශය විසන් යුක්රේනයට අවශ්‍ය අවිි ආයුධ ලබාදීමට එකඟ ව ඇති බවද සඳහන් කරන යුක්රේන ජනපතිවරයා යුධ විරෝධී පෙරමුණ එක්වෙමින් සිටිින බවද පැවැසීය.