අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනක් මගින් දන්වා තිබේ. එම අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11දා නිකුත්කර තිබුණි.
ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නොමැති බැවින් අප්‍රේල් 25දා ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් නිකුත් කළ නවතම ගැසට් නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීම සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයන්හි දැක්වෙයි.