අප්‍රේල් මාසයේදී විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම් උපයෝගි කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති අතර අප්‍රේල් මස 04 දා වන විටත් තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධව තමන් විශ්‍රාම වැටප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා වෙත දුරකනත ඇමතුමක් ලබාදෙන ලෙස තැපැල්පතිවරයා තවදුරටත් දන්වා සිටියි.