අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,827 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙයින් විදේශ විනිමය සංචිතය ලෙස ඩොලර් මිලියන 1,618 ක් සඳහන් වේ. කෙසේවෙතත් එය තුළ චීන මහජන බැංකුවෙන් ලබා ගන්නා ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකමක් ඇතළත් වෙයි.
මේ අනුව අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවට භාවිතයට ගත හැකිව තිබූ විදෙස් සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 118ක් පමණ වෙයි.
මීට අමතරව විශේෂ ගැණුම් හිමිකම් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 115ක්, IMF සන්තකයේ පවතින ඩොලර් මිලියන 64ක්, රන් සංචිතය ලෙස ඩොලර් මිලියන 29ක් නිල විදෙස් සංචිතය තුළ ඇතුළත් වෙයි.