2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳභාණ්ඩ අපනය සැලකිය යුතු ප්‍රතිශතකයකින් පහළ ගොස් තිබේ.
ඒ අනුව 2022 අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 970.9ක් වූ වෙළඳ භාණ්ඩ අපනයනය මේ වසරේ අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1ක් දක්වා සියයට 16.15කින් පහළ ගොස් තිබේ.
එහිදී රෙදි පිළි හා ඇඟළුම් අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 445.78 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 342.81ක් දක්වා සියයට 23.10කින් පහළ යාම කැපී පෙනෙන සාධකයක් වෙයි.
එසේම 2022 ජනවාරි - අප්‍රේල් කාලසීමාවට සාපේක්ෂව 2023 අනුරූප කාලසීමාව තුළද වෙළඳ භාණ්ඩ අපනයනය පහළ ගොස් තිබේ. ඒ අනුව 2022 එම කාලසීමාවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4225.08ක් වූ වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 3811.83ක් දක්වා සියයට 9.78කින් පහළ ගොස් තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_813622c6bf.jpg)