පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා හා දුමින්ද දිසානායක මහතාද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. ඔවුන් මේ බව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
වත්මන් කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන මහතාට වංචා හා දූෂණ චෝදනා එල්ල වි ඇති බවත් ඒ අනුව එම කමිටුවේ සේවය කිරීමෙන් ඵලක් නොමැති බවත් අනුර කුමාර දිසානායක මහතා දැනුම් දුන්නේය.